ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු අත් අඩංගුවට ගෙන, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරි ඩේසි ෆොරස්ට් මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, වයෝවෘද්ධ පුද්ගලයකුට ලැබිය යුතු කිසිදු පහසුකමක් ලබානොදීම සම්බන්ධයෙන් ඩේසි ෆොරස්ට් මහත්මියගේ පවුලේ සාමාජිකයින් පැමිණිල්ලක් ගොනුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.
වයස අවුරුදු 97ක් වන, යම් යම් අසනීප තත්වයන්ගෙන් පෙළෙන ඩේසි ෆොරස්ට් මහත්මියට අද (05) උදෑසන 09.00 සිට ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදී නොමැති අතර, ඇයව රැක බලාගන්නා හෙදියට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට අවස්ථාව ලබාදී නොමැති බවයි බවද, ඩේසි ෆොරස්ට් මහත්මියගේ පවුලේ සාමාජිකයින් සඳහන් කරයි. එමෙන්ම ඇයට ඇගේ රෝද පුටුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට ද ඉඩදී නොමැති බව ද සඳහන්.
ඒ අනුව, ඩේසි ආච්චිගේ ජීවිතයට අවදානමක් පවතින බව පවසමින් ඩේසි ෆොරස්ට් මහත්මියගේ, පවුලේ සාමාජිකයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිෂම ඇතුළු අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට නියමිත බවද, වාර්තා වෙයි.
කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ වයස්ගතම කාන්තාව ලෙස ඩේසි ෆොරස්ට් මහත්මිය ඉතිහාසගත වනු ඇතැයි සඳහන්.