Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර අලුත් කරන්න 26,000ක් පෝලිමේ

විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි. විදේශයන් හී පවතින මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති අතර ඒවා වසර දෙකකට ආසන්න කාලයක සිට ලැබී ඇති බව සඳහන්ය.

ඇතැම් පුද්ගලයින්ට තම විදෙස් ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම ‍හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට ද සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ට සහ අධ්‍යාපනය ලබන සිසුන්ට ද ඉදිරි කටයුතු කරගෙන යාමට ඒ හේතුවෙන් ගැටලු මතුවී ඇති බව සඳහන්ය.

එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් ද සිදුකර තිබේ. කෙසේවෙතත් මේ මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකිතාක් දුරට විසඳීමට කටයුතු කරන බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අර්බුදය නිර්මාණය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නොවන බව ද අවධාරණය කළේය.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ දී සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ දී අතර මැදියන්ගේ සහාය ලබා නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

Deepika, Ranveer make perfect couple at wedding

Mohamed Dilsad

Australia supports tourism related marketing – Gayantha Karunathilaka

Mohamed Dilsad

Robert Downey Jr. might reprise his role as Iron Man

Mohamed Dilsad

Leave a Comment