වකුගඩු රෝගය හේතුවෙන් දිනකට මරණ 5 පමණ සිදුවන බව, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන බ්‍රස්පතින්දා දිනට යෙදී ඇත. “දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු” තේමා කරගනිමින් මෙම වර්ෂයේ ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද 10% පමණ දිගුකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත්, 2023 වර්ෂයේ දත්ත සලකා බලන විට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක් සහ මරණ 1626 ක් වාර්තා වී ඇති බවත්, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ ප්‍රමාණය 6582 ක් වන අතර 2023 – 2024 වර්ෂවල දී පරිතාන රුධිර කාන්දු කරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණය 1000 ක් වේ. එමෙන් ම වකුගඩු බද්ධකල රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ වේ.
වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බව ද පොලොන්නරුව සහ මාලිගාවත්ත ප්‍රදේශවල විශේෂිත වෘක්කවේද ප්‍රතිකාර රෝහල් දෙකක් ස්ථාපිත කර ඇති බව ද, මේ වන විට රජයේ රෝහල් 81 ක වකුගඩු රෝග සායන පවත්වන බව ද, රජයේ රෝහල් ගණන 75 කි. වකුගඩු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වුවහොත් රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දුකරණය, වකුගඩු බද්ධ කිරීම,රෝග ලක්ෂණ වලට පමනක් ප්‍රතිකාර කිරීම සිදුකල යුතු බව ද ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය සදහන් කරයි..
ලෝක වකුගඩු දිනය ප්‍රථම වරට 2006 වර්ෂයේදී රටවල් 66 ක එකමුතුවෙන් සමරනු ලැබීය. අදට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇත.
ඒ යටතේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා (11) පැවැත්විණි.
ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, රජයක් ලෙස අප බලාපොරොත්තුව මෙරට වකුගඩු රෝග අවම කර ගැනීම මෙන්ම බෝ නොවන රෝග හදුනා ගැනීම මෙන්ම පාලනය කිරීමත්, රෝග පවතින ප්‍රදේශවල රෝගය මුලින්ම හදුනාගෙන එය පාලනය කිරීම වැදගත් වන බව අවධාරණය කර සිටියේ ය.
එමෙන්ම වකුගඩු බද්ධ කිරීම සහ අනෙකුත් ප්‍රතිකාරයන් සදහා විශාල මුදලක් වාර්ෂිකව රජය වැය කරන බව ද, මෙරට වකුගඩු රෝග වලට ගොදුරු වනුයේ වයස අවුරුදු 30 සහ 70 වයස් කාණ්ඩයේ පසුවන ජනතාව වන බවත්, ඔවුන්ගේ හැකියාව, ශ්‍රමය රටට අහිමිවීම මිලකළ නොහැකි පාඩුවක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.