එළැඹෙන උත්සව සමයට සරිලන පරිදි ජනතාවට කේක් සැපයීමට වැට් බදු අහෝසි කර සහන මිලට මාගරින් ඇතුළු අමුද්‍රව්‍ය ලබාදෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඉල්ලා සිටී.
වැඩිදුරටත් අදහස් දැක්වූ එන්.කේ. ජයවර්ධන මහතා සිය කර්මාන්තය ඉතා අසීරුවෙන් බාධා මැද පවත්වාගෙන යන බවත් රජය තම කර්මාන්තය සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකරන බවත් පැවසීය. මහජනතාවට සාධාරණයක් ලැබෙන පරිදි තම කර්මාන්තය කරගෙන යෑමට තමන්ට සහනයක් සලසන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේය.