Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

වත්මන් ආණ්ඩුවට රට පාලනය ගැන අවබෝධයක් නැහැ. සංවිධානාත්මක අපරාධකරුවන්ට පවා ඒ බව වැටහී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණේ ‘පැන්සල’ ලකුණ යටතේ තරග වදින කණ්ඩායම සමග මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “සංවිධානාත්මක අපරාධකරුවෝ. ඒ අයටත් වැටහිලා තියෙනවා මේ ආණ්ඩුවට පාලනයක් නෑ කියලා. ඒක තමයි හැම තැනම හතර අතෙන් වෙඩි තබන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීන්ට පවා වෙඩි තබන තත්ත්වයට, වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට, උසාවියේ වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.”

Related posts

குத்தகை நிறுவனத்தின் அதிகாரி ஒருவர் அடித்து கொலை

Mohamed Dilsad

இலங்கையில் பொதுப் போக்குவரத்துகளில் அரங்கேறும் கொடுமைகள் தொடர்பாக வெளியான திடுக்கிடும் தகவல்

Mohamed Dilsad

கொள்ளுபிட்டிய பிரதேச ஹெரோயின் சம்பவம் – கைது செய்யப்பட்ட ஐவரையும் தடுத்து வைத்து விசாரிக்க அனுமதி

Mohamed Dilsad

Leave a Comment