Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම වෙඩ් තැබීමේ සිද්ධියේ, සැකකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට බාර වෙයි.

මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී තිබේ. මෙම සිදුවීමට අදාළව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළුව මෙම නිලධාරීන්ව  අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27වනදා නියෝගයක් ලබාදී තිබුණි.

කෙසේ නමුත් තෙන්නකෝන් මහතා අධිකරණය මගහැර සිටි පසුබිමක අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළුව මෙම නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණි.

පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20කට පසුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 19වනදා උදෑසන භාරවිය. 2023 වසරේ දී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියගිය අතර, එම සිද්ධියට පදනම්කර ගනිමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව පවරා තිබේ.

Related posts

வடமாகாண புனர்வாழ்வு,அபிவிருத்திப் பணிகளில் அமெரிக்க காங்கிரஸ் திருப்த்தி

Mohamed Dilsad

வறட்சியினால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு இழப்பீடு

Mohamed Dilsad

இன ஒற்றுமைக்கு வேட்டு வைக்க முயற்சி…

Mohamed Dilsad

Leave a Comment