Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් : බෙදාහැරීම ඇරඹේ

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේ, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
 
‘අද දෙරණ’ කළ විමසිමකදී ඔහු කියා සිටියේ, අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී අදාළ පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරන බවය. මේ අතර, සියලු පළාත් පාලන ආයතනවලට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදුන් බවය.

Related posts

Sri Lanka will be the Asia’s Best Travel Destination

Mohamed Dilsad

நாடு திரும்பினார் கோட்டாபய

Mohamed Dilsad

බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි

Mohamed Dilsad

Leave a Comment