Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානයට

අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8.57 සිට පසුදා එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි ඉරිදා අපර භාග 8.57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටසේ එනම් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්ව භාග 3.21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9.45 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිස, වැඩ අල්ලා, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටුකර ගැනීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 4.04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයන් ද කිරි සහ විලඳ පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 6.44ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 9.04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9.03ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින පූර්ව භාග 10.16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිසාව බලා පැළ සිටුවීම මැනවි.

Related posts

මැදපෙරදිග සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

பேஸ்புக் நிறுவனத்துக்கு ரூ.4.70 கோடி அபராதம்

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment