විදෙස්

ප්‍රංශ – රුසියා සාකච්ඡා ආරම්භ වෙයි

(උදයම්, ප්‍රංශය)  – ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පළමු සාකච්ඡාවට ආරම්භ වෙයි.

පැරිස් නගරය අසළ ‘වෙයර්සායි’ (Versailles ) Trianon මාලිගයේ දී දිවා භෝජනයක් ද සමඟ ආරම්භ වූ  සාකච්ඡාව පෙරට යමින් තිබුණේ සිරියාව සහ යුක්රේනය සම්බන්ධයෙන් දෙරට විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් මුල්කර ගනිමින් උත්සන්න වී ඇති මතභේද මැදය.

එම සාකච්ඡා ‘ඉතා දුෂ්කර මුහුණුවරක්’ ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

පසුගියදා පැවැත්වුන ප්‍රංශ ජනාධිපතිවරණය සමයේ එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් රුසියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවටත් චෝදනා එල්ල කෙරිණ.

ඉතාලියට අයත් සිසිලි දූපතේ පැවැත්වුන දියුණු කාර්මික රටවල් හතේ(G 7) නායක සමුළුවේදී ප්‍රකාශයක් කළ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) “රුසියාවත් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව” ඇතැයි කියා සිටියේය.

Related posts

ඓශ්වර්යා සහ ඇගේ දියණිය රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

තායිලන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment