ප්‍රමුඛ පුවත 1

සයිටම් නඩුවට දින නියම වෙයි

(උදයම්,කොළඹ)   –  සයිටම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම එළඹෙන 22 වන දා සලකා බැලීමට නියමිතය.

මේ සන්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද(01)  මෙම තීරණය ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ  අද එම නඩුව කැඳ  වනු ලැබීය.

සයිටම් සිසුවියක් ගොනු කළ පෙත්සම අනුව ඇයව ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 තීන්දුවක් ලබා දුන් අතර එම තීන්දුවට එරෙහිවයි වෛද්‍ය සභාව පෙත්සමක් ගොනු කළේය.

Related posts

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

Mohamed Dilsad

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment