ප්‍රමුඛ පුවත 1

යාපනයේ පවුල් 33,000 ක පුද්ගලයින් 121,000 කට නියගයෙන් දැඩි පීඩා

(උදයම්, කොළඹ) – යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය.

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය පිළිබඳ උදයම් කළ විමසීමේදී යාපනය දිසාපතිවරයා මේ බව සඳහන් කොට සිටියේය.

එහිදී යාපනය දිසාපතිවරයා වැඩි දුරටත් සඳහන් කොට සිටියේ, යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයන් වෙතට නියං තත්වය දැඩිව බලපා ඇති බවටත් මේ වන විට ආපදා කලමනා කරන අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවටයි.

මේ අතර යාපනය ප්‍රංකුඩතිව් හා මණඩතිව් යන ප්‍රදේශය්හි ජනතාවට පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳී සිටිමට සිදුව ඇති බවටද ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවටද එම වැසියන් කියා සිටිති.

කෙසේ වෙතත් ඉදිරියටත් වර්ෂාව නොලැබුනහොත් අවධානමට පත් වැසියන්ගේ තත්වට තවදුරටත් බරපතල වන බවටද යාපනය දිසාපති එන්.වේදනායගම් මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනයේ සංශෝධන සදහා තිබූ කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment