ප්‍රමුඛ පුවත 1

තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකි

(උදයම්,කොළඹ) –  ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වලට වැසි බලාපොරොත්තු වියහැක.

දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැකි අතර එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ප්‍රදේශවලටත් උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

දිවයින හරහා විටින් විට පැ.කි.මී. 50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පොසොන් සතියේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

ගිනිගත්හේන,දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment