ව්‍යාපාරික

දුම්රිය අංශය සංවර්ධනය කිරීමට ඉන්දීයාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318ක ණයක්

(උදයම්,කොළඹ)   – ශ්‍රී ලංකාවේ දුම්රිය අංශය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් වූ ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේ මාර්තු මාසයේදී ලංකාවේ කළ පළමු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ දුම්රිය අංශ සංවර්ධනය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318 ක ණය ආධාර මුදල ලබාදීමට පොරොන්දු විය. ඉන්දීය රජය දැනටමත් ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය දියුණු කිරීම සඳහා ණය ආධාර හතරක් ලබාදී ඇති අතර, එක්සිම් බැංකුව හරහා එලෙස ලබාදී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 966 ට ආසන්න වේ.
මෙම ණය ආධාර යොදාගෙන දකුණු සහ උතුරු දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා දුම්රිය එන්ජින් මිලට ගැනීමට කටයුතු කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා ඉන්දියානු අපනයන හා ආනයන බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් රස්කුවින්න මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.

දුම්රිය මගී පහසුකම් වැඩිදියුණු කිරීම, වැඩි මගීන් පිරිසක් දුම්රිය භාවිත කිරීමට ආකර්ශණය කර ගැනීමට කළයුතු හදිසි අවශ්‍යතාවයක් බවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය දැනට හඳුනාගෙන ඇත. එලෙස වැඩි මගීන් පිරිසක් දුම්රිය භාවිත කිරීමට පෙළඹවීම කාර්යක්ෂම හා වියදම් අවම ප්‍රවාහන ක්‍රමවේදයක් වන අතර, දුම්රිය පීලි හා සංඥා පද්ධතිය වැඩිදියුණු කිරීම තුළින් දුම්රිය ගමනාගමන තදබදය අඩු කිරීමටද හැකිවන අතර ඒ මගින් දුම්රිය භාවිතඑ කිරීමට උනන්දු කරවීම හා බඩු භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට ඉවහල්වන හදිසි කාරණාවක් බව හඳුනාගෙන ඇත.
පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු සෘජු ආයෝජන විශාල වශයෙන් පුළුල් වී ඇත.

වර්තමානයේ ඉන්දීය සංවර්ධන ණය ආධාර ප්‍රධාන වශයෙන් යොමු කර ඇත්තේ ආර්ථික යටිතල පහසුකම්, ජීවන මාර්ග සංවර්ධන, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්ෂේත්‍ර  සංවර්ධන හා ආර්ථික පුනර්ජීවනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහාය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අරින්දම් බච් මහතා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා හා දෙරටේ අනෙකුත් නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

රුපියල තවත් පහළට

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

Leave a Comment