ප්‍රමුඛ පුවත 1

පොසොන් සමයේ පූජා නගරයට එන බැතිමතුන් වෙනුවෙන් යුද හමුදාවෙන් අබලන් රෝහලක් ප්‍රතිසංස්කරණය කෙරේ

(උදයම්,අනුරාධපුරය)  – පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරය වෙතට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රුවන්මැලි සෑය ආසන්නයේ පිහිටි අබලන් වූ රෝහල් ගොඩනැගිල්ලක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත.

වන්නි ආඥාපති මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතාගේ මගපෙන්වීම යටතේ දින 3ක් ඇතුලත මෙම ප්‍රාථමික් වෛද්‍ය සත්කාර ඒකකයට අයත් ගොඩනැගිල්ල පිලිසකර කරදීමට පියවර ගෙන ඇත.

පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයට එන බැතිමතුන්ගේ හදීසි අසනීප තත්වයන් වලදී ලබා දිය යුතු වෛද්‍ය පහසුකම් වෙනුවෙන් මෙසේ ගොඩනැගිල්ල පිලිසකර කර දීම සම්බන්ධයෙන් වෛද්‍ය නේරංජ වීරකොන් මහතා විසින් යුද හමුදාවට ප්‍රශංසාව පල කොට සිටියි.

අදාල ගොඩනැගිල්ල පිලිසකර කර දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව වන්නි ආඥාපති තුමන්ගේ මගපෙන්වීමෙන් 21 වන සේනංකාධිපති මේජර් ජෙනරල් රුවන් සිල්වා මහතාගේ උපදෙස් පරිදි 212 බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් 9වන ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 7 වන සන්හා සන්නද්ද බලකා සෙබලුන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබුණි.

Related posts

පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

රුසියානු ජනාධිපති ව්ලැඩ්ර්මීර් පුටින් මහතාට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment