Trending News

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනෙකු ඉවත් කරයි

(උදයම්,යාපනය)  –  උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාට එරෙහිවම දූෂන චෝදනා එල්ල විම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමට උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවධානය යොමුවෙයි.

විග්නේෂ්වරන් මහතා මේ පිළිබද අවධානය යොමුකර ඇත්තේ උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂන වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වි අදහස් විමසීමකින් අනතුරුවය.

මෙහිදී බහුතර මන්ත්‍රීවරුන් මහ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී.ගුරුක්කුලරාජා  සහ කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් යන දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලින් වැරදි සිද්ධීන් සාක්ෂි සහිතව සනාථ වුවත් ඔවුන් මෙන්ම දූෂන චෝදනා එල්ලවන සෙසු අමාත්‍යවරුන් දෙදෙනාවද ඉවත් කළයුතු බවය.

ධීවර අමාත්‍ය පී.ටෙනිස්වරන් මහතා සම්බන්ධයෙන් දූෂන චෝදනා 05කුත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා සම්බන්ධයෙන් චෝදනා 04කුත් පවතින හෙයින් ඔවුනද අමාත්‍යධූර දැරීමට සුදුසු උදවිය නොවන බවත් මොවුන් දෙදෙනාවද ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම උචිත බවත් මෙම මන්ත්‍රිවරුන් තවදුරටත් මහ ඇමතිවරයා සමගින් ප්‍රකාශ කර ඇත.

මෙහිදී අමාත්‍යවරුන් සිව්දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් බහුතර මතයක් වි නම් එය සිදුවන බවත් ඊට පෙරාතුව සියළුම උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමද අවශ්‍ය බවත් ඉන් අනතුරුව අවසන් තීරණයට එලබෙන බවත් මහ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් උතුරේ අමාත්‍ය මණ්ඩලයේ දූෂන සෙවීම සදහා පත්කල ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවෙන් අමාත්‍යවරුන් සිව් දෙනාටම එරෙහිව චෝදනා 29ක් අඩංගුව තිබූ අතර ඉන් වැඩිම චෝදනා සංඛ්‍යාවක් එල්ලවී තිබුණේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යවරුන් දෙදෙනාටය.

 

Related posts

ஜப்பானுக்கான ஏற்றுமதியினை அதிகரிக்க நடவடிக்கை…

Mohamed Dilsad

அமைச்சர் ரிஷாட் பதியுதீனின் கரங்களைப் பலப்படுத்துவேன்

Mohamed Dilsad

எதிர்வரும் 26ஆம் திகதி ஆசிரியர் சங்கம் தொழிற்சங்க போராட்டத்தில்

Mohamed Dilsad

Leave a Comment