Trending News

තැපැල් වැඩ වර්ජනය අදත්

(උදයම්,කොළඹ)   –  තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මකය.
පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ  කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවය.
තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියේය.
තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.

Related posts

1st XI Cricket: Hapuhinna and Dellon Peiris shine as Wesley hold STC to a draw

Mohamed Dilsad

சமூக வலைத்தளங்கள் வழமைக்கு

Mohamed Dilsad

இஸ்ரேலின் வான் தாக்குதலில் கர்ப்பிணிப் பெண் உட்பட மூவர் பலி!

Mohamed Dilsad

Leave a Comment