ව්‍යාපාරික

ශ්‍රී ලංකා – කත්මණ්ඩු අතර සෘජු ගුවන් ගමන් ගැන සාකච්ඡාවක්

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල්  (Professor Bishwambher pyakuryal) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, නේපාලය හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු පුළුල් කර ගැනීමත් දෙරට සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කර ගැනිම පිළිබඳවත් සාකච්ඡාවට  ලක් විය.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුබ පැතුම් එක් කළ නේපාල තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහාය ලබා දෙන බවද කීය.

අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ කලාපයේ මිත්‍ර රටක් ලෙස නේපාල රජය ලබා දෙන රාජ්‍ය තාන්ත්‍රික සහය අගය කරන බවයි.

Related posts

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

දේශීය ලොකුළුෑණු මිල ඉහළට

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන අලෙවිය පහළට

Mohamed Dilsad

Leave a Comment