ව්‍යාපාරික

ජපන් රජය මඟින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක්

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

Related posts

විදෙස් රටවල හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු ආයතනයක් සුදානම්

Mohamed Dilsad

අනාගතයේදී තොරතුරු තාක්‍ෂණ අංශයෙන් රැකියා ලක්‍ෂ 02 ක්

Mohamed Dilsad

කොරෝනා වසංගතය හේතුවෙන් වැසුණු කර්මාන්තශාලා යළිත් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment