ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ

(උදයම්,කොළඹ)   –  පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට තීරණය කර ඇති බව රජය පවසයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව අදාළ තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) රාත්‍රී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම හමුවට අග්‍රාමත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

මෙහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.

Related posts

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…

Mohamed Dilsad

Leave a Comment