ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

(උදයම්,යාපනය)  – උතුරු පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යධූරය හෙබවූ පී. අයින්ගරනේෂන් මහතා සහ අධ්‍යාපන අමාත්‍යධූරය හෙබවූ  ටී.ගුරුකුලරාසා මහතා ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතාහට මෙම ඉල්ලා අස්වීම් ලිපි ලබාදී ඇත.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිවලින් එක් අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපියක පිටපතක් තමාටද ලැබුණු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

පුරප්පාඩු වූ උතුරු පළාත් කෘෂි කර්මාන්ත අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා සී.වී විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ඊයේ(21) දිවුරුම් දී ඇත.

Related posts

මෙරට වන විනාශයේ අඩුවීමක්

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment