කලා

ඡායාරූප හොරෙන් පල කළ සමාගමෙන් කරීනා කෝටි 20ක් ඉල්ලයි

(උදයම්,ඉන්දියාව)  –  තරබාරු කාන්තාවන්ගේ බර අඩුකරන්නත්, තරබාරු ගතිය අඩුකරන්නත් හැකි එක්තරා ඖෂධ පෙත්තක් මෑතකදී ඉන්දීය වෙළෙඳපොළට පැමිණ තිබේ.

මෙම ඖෂධය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ඒ වෙනුවෙන් නිර්මාණය කර තිබූ පුවත්පත් සහ වෙබ් අඩවි දැන්වීම්වල ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන කරීනා කපූර් ඛාන් ද පෙනී සිටි නිසය.

කරීනා මේ පෙත්ත ගන්න නිසා ඇයගේ බර, කිලෝ 13 කින් අඩුවුණු බව මේ දැන්වීමේ  සඳහන් වෙයි.

මෙම වෙළඳ දැන්වීම දුටු පමණින් කරීනා වහාම නීතිඥ කණ්ඩායමකට මේ බව දැනුම් දී  උපදෙස් ලබා ගෙන ඇත.

එහිදී ඇයගේ කිසිම සම්බන්ධයක් නොමැති මෙම දැන්වීම පළ කළ ඖෂධ සමාගමෙන් රු. කෝටි 20 ක වන්දියක් කරීනා වෙනුවේ ඇයගේ නීතීඥයන් ඉල්ලූ බවත් වාර්තා වෙයි.

Related posts

සල්මාන්ගෙන් තවත් වාර්තාගත චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට

Mohamed Dilsad

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

Leave a Comment