ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

සිව්වැනි දිනයටත් අද ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තරග පැවැත්වේ.

දෙවැනි වටයේ පැවති තරගවලින් ජයග‍්‍රහණ වාර්තා කළ ඇන්ඩි මරේ සහ කෙයි නිෂිකෝරි තරගාවලියේ 3 වැනි වටය සඳහා සුදුසුකම් ලැබුවාය.

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය මේ දිනවලදි පැවැත්වෙන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බරන් නුවරදි.

දෙවැනි වටයේ තරගයකදි ඊයේ මහා බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ සහ රුසියාවේ ඇන්ඞ්රි රුබ්ලෝව් තරග වැදුණි.

මේ තරගය වට 3 ට 0 ක් ලෙස ජයගත් ඇන්ඩි මරේ 3 වැනි වටයේ සිය ස්ථානය වෙන්කරගත්තා.

තරගයේ ලකුණු සටහන දැක්වුනේ 6 ට 3 ක් 6 ට 0 ක් සහ 6 ට 2 ක් ලෙසයි.

මේ අතර ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලස් වව්රින්කාද දෙවැනි වටයේ තරගයකදි ඇමරිකාවේ ස්ටීව් ජොන්සන් සමගින් තරග වැදුණි.

වට 3 ට 0 ක් ලෙස මේ තරගය ජයගත්තේ ස්ටැනිස්ලස් වව්රින්කා.

ජපානයේ කෙයි නිෂිකෝරිද 3 වැනි වටයට පහසුවෙන් පිවිසියාය.

ඒ දෙවැනි වටයේ තරගයකදි ප‍්‍රංශයේ ජෙරමි කර්ඩි තරග වට 3 ට 0 ක් ලෙස පරාජය කරමිනි.

දෙවැනි වටයේ තරගයකදි පෙරළිකාර ජයග‍්‍රහණයක් වාර්තාකරන්නට මහා බි‍්‍රතාන්‍යයේ ඩෑන් එර්වින් සමත්වුණි.

ඒ ප‍්‍රංශයේ මාටින් සිල්ක් තරග වට 3 ට එකක් ලෙස පරාජය කරමිනි.

කාන්තා දෙවැනි වටයේ තරගත් ඊයේ දිනයේදි පැවැත්වුණි.

එහිදි චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා, රුසියාවේ ඇනා බිල්න්කෝවා දෙවැනි වටයේ තරගයකදි තරග වැදුණි.

තරගය වට 2 ට 0 ක් ලෙස ජයගත් ප්ලිස්කෝවා 3 වැනි වටයේ සිය ස්ථානය වෙන් කරගත්තේය.

Related posts

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

පළමු 20 යි 20 අවසන්.ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

Leave a Comment