ප්‍රමුඛ පුවත 1

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

(උදයම්,කෑගල්ල)   –  සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් වරකාපොළ ප්‍රදේශයේදී කොල්ලකරුවෙකු මිය ගොස් තිබේ.

අද (26) අලුයම මෙම සිදුවීම වාර්තාවූ බව පොලිසිය පවසයි.

වරකාපොළ නගරයේ පිහිටි වෙළඳ සැලක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරු පැමිණ ඇති අතර සිද්ධිය දුටු අයෙක් පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ඒ බව දැනුම්දී ඇත.

එහිදී වහාම පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සැකකරු පොලිසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහා ගෙන ඇති අතර එහිදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් මෙම කොල්ලකරු බරපතල තුවාල ලබා තිබේ.

අනතුරුව ඔහු වරකාපොළ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

තානාපති නිලධාරිනියගේ ඉදිරි කටයුතු පිළිබඳ ස්විස් රජයෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment