ප්‍රමුඛ පුවත 1

උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමීතිය පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන අධිකාරියක්

(උදයම්,කොළඹ)   –  රාජ්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමීතිය පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමීන්  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසීය.

ස්වාධීන ප්‍රමීති අධිකාරිය ලෙස නම් කෙරෙන මෙම ආයතනය පිහිටුවීමට අදාළ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවත් ඇමතිවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය හිමීව ඇති බවක් අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් සියළු දෙනාට ඇති අයිතිය තහවුරු කීරීම,රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල,උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එම ආයතන වල ප්‍රමීතිය සොයා බැලීම,ප්‍රමිතිය තහවුරු කිරීම,ප්‍රමිතිය තහවුරු නොකරන ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමේ බලයද මෙම අධිකාරියට පැවරෙන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

Related posts

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල මණ්ඩලය සාක්ෂි සටහන් කර ගැනීම ඇරඹේ.

Mohamed Dilsad

කෝටි 2ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment