විදෙස්

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත ඩයනා කුමරිය මරා දැමූ බව හෙලිවේ(වීඩියෝව)

(උදයම්,එංගලන්තය)  –  බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත තමා ඩයනා කුමරිය මරා දැමූ බව එම්. අයි. 5 බුද්ධි සේවාවේ ඒජන්තවරයකු වූ ජෝන් හොප්කින්ස්‌ විසින් හෙළිකර ඇති බව වාර්තා වේ.

අසූ හැවිරිදි වියේ පසුවන හොප්කින්ස්‌ දැන් මරණාසන්නව රෝහල්ගතව සිටින අතර මියයෑමට පෙර මේ රහස හෙළි කිරීමට තමාට අවශ්‍ය බව ද හෙතෙම කියා සිටින බවද පැවසේ.

ඩයනා මරා දැමීමේ නියෝගය සෘජුව දුන්නේ පිලිප් කුමරු බවත් ඇගේ මරණය හදිසි අනතුරක්‌ ලෙස හුවාදැක්‌වූ බවත් හොප්කින්ස්‌ පවසන බව සදහන්ය.

තමා ඔවුන්ට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දුන් බව කී හොප්කින්ස්‌ තමා ඩයනා මරා දැමුවේ රැජන හා පවුලේ අය රැකීමට බව ද පවසා ඇති අතර තමා මෙයට පෙර කාන්තාවක මරා දමා නැති බව පැවසූ හොප්කින්ස්‌ එහෙත් රජ පවුලේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි බව සඳහන් කරයි.

ඝාතන 23 ක්‌ මෙහෙයවූ හොප්කින්ස්‌ගේ මේ හෙළිදරව්වෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ අය කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වන නමුත් පැරිසියේ උමඟකදී ඩයනා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්‌වූයේ කෙසේද යන්න ඔහු හෙළිකර නොමැත.


 

Related posts

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

මැතිවරණය ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන ගත වීමට සාකච්ඡාවේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය අගමැති

Mohamed Dilsad

Leave a Comment