Trending News

තැපැල් වර්ජනය අවසන්

(උදයම්,කොළඹ) –  තම ගැටළුවලට රජය විසින්  විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

මේ අනුව අද (30) දිනයේ සිට සුපුරුදු ලෙස තැපැල් සේවා රාජකාරි කටයුතුවල සිදු කෙරේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබූ කැබිනට් අනුකමිටුව සමග ඊයේ දිනයේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සිදුකළ සාකච්ඡාවේදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවය.

තැපැල් සේවයේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් බලපාන 6/2006 චක්‍රලේඛය ගැන නිර්දේශ ඒ ආකාරටම ඉදිරිපත් කරන බවටත්, එය ඉදිරියේදී ගැසට් කරන බවටත් බලධාරීන් පොරොන්දු වූ බව කාරියවසම් මහතා සඳහන් කළේය.

යෝජිත ගාල්ල- කොටුව, මහනුවර, නුවරඑළිය තැපැල් කාර්යාල පවරා ගැනීම සිදුකිරීම සම්බන්ධයෙන් වන ගැටළුවේදී  වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට දෙපාර්ශවයේම එකඟතාවයෙන් අවසන් විසඳුමකට එන බවටද රජය පොරොන්දු වූ බව ඔහු පෙන්වා දුන්නේය.

අනෙක් ඉල්ලීම වූ කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය, එය මූලාරම්භයේ පැවති ගොඩනැඟිල්ල වෙත ගෙනයාමට බාධාවක් පවතින බව කියන ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළුවට එහි දොරටුව ජනාධිපති මන්දිරය දෙසට නොවන ලෙසට චැතම් පාරෙන් පවත්වාගෙන යා හැකි බවට ලබාදුන් යෝජනා සම්බන්ධයෙන්ද ඉදිරියේදී සාකච්ඡා කොට අවසන් විසඳුමකට පැමිණෙන බව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

Related posts

இந்தோனேசியாவில் ஏற்பட்ட பயங்கர நிலநடுக்கத்திற்கு பலியானோர் எண்ணிக்கை 131 ஆக அதிகரிப்பு

Mohamed Dilsad

Sri Lankan arrested with marijuana in Kuwait

Mohamed Dilsad

Chamal and Welgama obtains letters to contest Election

Mohamed Dilsad

Leave a Comment