ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරිය විදේශ කටයුතු ඇමති හමුවෙයි

(උදයම්,කොළඹ)  – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත් වූ ජයත්මා වික්‍රමනායක මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූවාය.

මෙම හමුව පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු වූ අතර ජයත්මා වික්‍රමනායක මහත්මියට හිමි වූ තනතුර සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළ රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් වික්‍රමනායක මහත්මියට පුළුල් කාර්යභාරයක් පැවරී ඇති බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක මහත්මිය පත්වීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතාද සහභාගී විය.

Related posts

මන්නාරම සහ මුලතිව් බස්නැවතුම්පොළට මුල්ගල තැබේ

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment