(උදයම්,මන්නාරම) – මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(4) උදෑසන නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසීයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මුහුදු කූඩැල්ලන් සහ මෝරවරල් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මළු 20ක සගවා ප්‍රවාහනය කරමින් සිට තිබේ.
එහිදී මෝරවරල් කිලෝග්‍රෑම් 553ක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 317ක් සොයා ගැනුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා යාපනය රේගු අධිකාරී කාර්යාලය වෙත බාරදීමට නියමිතය.