ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් රජය කියයි

(උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

එකී අක්‍රමිකතාවයන් කඩිනමින් විමර්ශනයට ලක් කරන බවත් ඒ මහතා අද(20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පැවති ආණ්ඩුව සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීම් හා විමර්ශනයන් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

එපමණක් ‍නොව  දින 100 ආණ්ඩුව තුළ නිකුත් වූ වැලි අමුණ වාර්තාව මගින් පෙන්වා දුන් චෝදනා යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමා‍ගමේ ව්‍යුහය තුළ පසුගිය කාලයේ යම් යම් මාෆියාවන් ඇති බවට තොරතුරු අණාවරණය වුවුද එකී අක්‍රමිකතාවයන් පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමට තමාට නොහැකිවීම පිළිබඳව තමා කණගාටු වන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවුද මෙවැනි මාෆියාවන් සෑම ආයතනයන් තුළම සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ මෙවැනි තත්ත්වයන්ට තමන් දැඩිව විරුද්ධ බවත්, එවැනි සිද්ධීන් හා පුද්ගලයින් සොයා ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම අනුව ඊට උනන්දුව දක්වන ලද සමාගම් 9 ක් අතුරින් මේ වන විට සමාගම් 3 ක් අවසාන වටයට තෝරාගෙන ඇති බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

කෙසේ වෙතත් තෝරා ගන්නා ලද සමාගම් තුන අතුරින් එකඳු සමාගමකට හෝ ජාත්‍යන්තර ගුවන්සේවයක් නඩත්තු කිරීමේ අත්දැකීම් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අදාළ සමාගමට දෙනු ලබන හිමිකමේ ප්‍රතිශතය කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම යටතේ රජය බලාපොරොත්තු වන්නේ හිමිකම් ආයෝජනයක් සිදුකරන සහකරුවෙකු (EQUITY PARTNER) බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇ.ඩො 500ක දඩ මුදලක්

Mohamed Dilsad

මහින්දගෙන් මරණ තර්ජන එල්ල වන හැටි ගැන හෙළිදරව්වක් [VIDEO]

Mohamed Dilsad

ඉදිරියේදී ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් – ගෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment