ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්

(උදයම්,කොළඹ )පෞද්ගලික ව්‍යාපාර සහ ආයතනවල ප‍්‍රචාරණ හා අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරයි.

ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණදීමට සිදුවන අතර දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රාති‍්‍ර කාලයේ සිය ප‍්‍රචාරණ කටයුතු සඳහා බොහෝ පෞද්ගලික ආයතනවල භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

බැවින් නියං තත්ත්වය පහව යන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ ගෙන යන වැඩපිළිවෙළට ලබාදෙන සහයෝගයක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙස ද සියලුදෙනාගෙන් ජනාධිපතිතුමා වැඩිදුරටත් ඉල්ලා සිටි.

Related posts

ගෝඨාභය රාජපක්ෂ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට…

Mohamed Dilsad

වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහලට

Mohamed Dilsad

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

Mohamed Dilsad

Leave a Comment