ප්‍රමුඛ පුවත 1

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

(උදයම්,මන්නාරම)   –  තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වලදමා ඇති බවට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අදාල ස්ථානයේ කැනීම කටයුතු ඊයේ (05) දිනය පුරා සිදු කල අතර එහිදී එක් මිනිස් හිස්කබලක බවට සැකකෙරෙන කොටස් හමු වූ බවට මන්නාරම් පොලීසිය පවසයි.

අදාල කර්මානත පුරය ආසන්නයේ සමූහ මිණි අස්ථි කොටස් තොගයක් වලදමා ඇති බවට මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම් පොලීසිය විසින් මන්නාරම් මහෙස්ත්‍රාත ඒ.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු සිදු කරනු ලැබීය.

මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතාගේ අධීක්ෂණයන් පරිදි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර.ඒ.එස්.රාජපක්ෂ ,මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.යූ.එම්. ෂම්වාන යන අය ඉදිරියේදී අදාල පරික්ෂණයන් සිදු කෙරුනු ලබයි.

අදාල කර්මාන්ත පුරය ආසන්නයේ පිහිටි ජල නලයක් ආසන්නයේ මෙම කැනීම් කටයුතු සිදු  වූ අතර අදාල මිනිස් හිස්කබලක් බවට සැකකෙරෙන අස්ථි කොටස් වලට අමතරව කිසිවක් හමු නොවූ බවට මන්නාරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මන්නාරම් මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි කැනීම් කටයුතු ඊයේ දින සවස නවතා දැමුනු අතර නැවත මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයන් පරිදි ඉදිරියේදී නැවත් කැනීම් සිදු කිරීමටද මන්නාරම් පොලීසිය පියවර ගෙන ඇත.

මීට පෙරද මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදු කල සමූහ මිණී වලකින් මිනිස් ඇටසැකිලි 81 ක් වලදමා තිබියදී සොයාගෙන තිබුණී.

Related posts

ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ජනපති සුදානම්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

Mohamed Dilsad

Leave a Comment