ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවට

(උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ.

සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක්  පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ගාල්ල – නෙලුව ප්‍රදේශයේ නිවසක තිබියදී  මෙම වල්ලාපට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

81 වැනි උදාගම්මානය අද ජනපති සුරතින් ජනතා අයිතියට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment