ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද විවාදයට

(උදයම්,කොළඹ)   –  මන්ත්‍රිවරුන් විසින් ගෙන එනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයාට් ගැනීමට නියමිතය.

ඒ අනුව,

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා- රජයේ ආයතනවලින් ජනතාවට සිදුවන අකටයුතුකම් පිළිබඳ සොයා බැලීමට ආයතනයක් පිහිටුවීම, මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා- උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ දී නිසි ක්‍රමවේදයක් සකස් කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා- වසර 12ක ක්‍රියාන්විත රාජකාරීයේ නිරතව සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා- යුද්ධය නිසා දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම සඳහා අනුස්මරණ ස්මාරකයක් තැනීම සහ සිහිපත් කිරීම සඳහා පොදු දිනයක් වෙන් කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් මහතා- හජ් වන්දනා පනතක් හඳුන්වා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා- මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවේතුවල මහතා- ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා දිවයින පුරා ඒකාබද්ධ ධාවන සැලැස්මක් රාත්‍රී කාලයේ දී ක්‍රියාත්මක කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහෲෆ් මහතා- උතුරු පළාතෙන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා- පුත්තලම දිස්ත්‍රික්කය ජාතික සහජීවනයේ හා සංහිදියාවේ දිස්ත්‍රික්කය ලෙස නම් කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය- පෙර පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීම

Related posts

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

Mohamed Dilsad

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment