ප්‍රමුඛ පුවත 1

ඇමති අජිත් පී පෙරේරා බත්තල විදුලි බලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

(උදයම්,කොළඹ)   –   විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි බත්තල විදුලි බලස්ථානයේ අද(11) පෙරවරුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ඒ,ඉදිරියේදී ගාල්ල වරාය ආශ්‍රිතව මෙගාවොට් 100ක ධාරිතාවයකින් යුතු මෙවැනිම බලාගාරයක් ඉදිකිරීමට අපේක්‍ෂා කරනු ලබයි.ඒ සඳහා අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි බත්තල විදුලි බලස්ථානයේ ධාරිතාව මෙගාවොට් 60 කි.ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත දැවිතෙල් බලාගාරය සඳහා අගෝස්තු මාසයේ ටෙන්ඩර් කැඳවීමට නියමිත අතර ව්‍යාපෘතිය 2019 වසරේ අවසන් කිරීමට අපේක්‍ෂිතය.

මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ (සංවර්ධන) ප්‍රියනාත් පෙරේරා,ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන)ධම්මිකා තිලකසේන,බත්තල විදුලි බලස්ථාන ප්‍රධාන ඉංජිනේරු එස්.ඉලුක්තැන්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයේ

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment