ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)   – අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 42ක් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කිරීමට රජය සුදානම්වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබදව දෙරටේ රජයන් අතර ඇති එකඟතාවයන්ට අනුව මෙම නිදහස් කිරීම සිදුවන බවය.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී සිදුකරන නීතිවිරෝධී ධීවර පන්න ක්‍රම තවදුරටත් සීමා කිරීම සඳහා විදේශ ධීවර යාත්‍රා පනත නමින් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Related posts

නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටි පුද්ගලයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අවශ්‍ය විට ජාති හා ආගම්වාදීන්ට එරෙහි ව නීති ගෙන එනවා – අගමැති

Mohamed Dilsad

පේදුරුතුඩුව- තුඩත්තන ප්‍රදේශයෙන් යුධ උපකරණ රැසක් මතුවේ

Mohamed Dilsad

Leave a Comment