ප්‍රමුඛ පුවත 1

සිසුන් 41 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,පොළොන්නරුව) – අත් කපාගත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පොළොන්නරුව,මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තාවේ.සිසුන් 41 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පොළොන්නරුව,මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් විසින් මෙම සිසුන් පිරිස පොලීසිය වෙත භාරදුන් බව අප වාර්තාකරු පැවසීය.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන මෙම සිසුන්ගෙන් කිහිපදෙනෙකු මුලින්ම අත් කපාගෙන තුවාල සිදුකරගෙන ඇති බවය.

පසුව සෙසු පිරිසද ඔවුන් අනුගමනය කරමින් බ්ලේඩ් සහ කවකටු උපයෝගී කරගනිමින් සිය අත් කපාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.මෙලෙස සිසුවියන්ද සිරුර කපාගෙන ඇති බවටයි වාර්තා වේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් භාරයට ගත් සිසුන් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව දෙමව්පියන් වෙත භාරදී තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායමක් අද දිනයේ එම පාසලට පිටත්ව යාමට නියමිතය.

Related posts

වැල්ලම්පිටියේ කාන්තාවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

රටක ආර්ථික වර්ධනයට යහපත් කළමනාකරණය ඉවහල් වෙනවා – ඇමැති ආචාර්ය සරත් අමුණුගම

Mohamed Dilsad

Leave a Comment