ප්‍රමුඛ පුවත 1

අගමැති සමඟ සාකච්ඡා සාර්ථකයි

(උදයම්,කොළඹ)   –  සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම සාකච්ඡාවේදී ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කෙසේ හෝ අගමැතිවරයා සමඟ ඇතිවු එකඟත්වය මත වර්තමානයේ හදිසි වැඩවර්ජන කරා යොමු වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද එම සංගමය මෙහිදී පැවසීය.
මේ අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය රටේ නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

Related posts

වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයි

Mohamed Dilsad

2018 ආසියාන් ලෝක ආර්ථික සමුළුව අදයි

Mohamed Dilsad

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment