ක්‍රීඩා

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

(උදයම්,කොළඹ)  –  2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කුමාර් සංගක්කාර විසින් නගා තිබූ චෝදනාව ගැන මෙන්ම 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැනද පර්යේෂණයක් පැවැත්වීම තමන් අනුමත කරන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ (13) උදේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ඔහු පවසා ඇත්තේ 2009 වසරේ ලාහෝර් ප්‍රහාරය සිදුවන විට ඒ සම්බන්ධ නිසි බලධාරියා වූයේ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් එස්. ලියනගම මහතා බවයි.

වසර ගණනාවක් පුරාවට සැඟව තිබූ රහස් එළිදුටුවේ ඉන් පසුවයි.

“ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා.  ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා.”

තමන් සෑමවිටම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් කටයුතු කළ බව අර්ජුන පැවසීය.

“ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුනේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා.”

 

Related posts

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment