ප්‍රමුඛ පුවත 1

කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම කඩිනමින් යතා තත්ත්වයට

(උදයම්,කොළඹ)  – කොටහේන ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අඩාල වී ඇති ජල සැපයුම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

බොහෝදුරට අද දිනය තුළ ජල සැපයුම යතා තත්ත්වයට පත් කල හැකි වෙතැයි බලධාරීන් සඳහන් කරයි.

පසුගිය බදාදා එම ප්‍රදේශයේ නව ජලනල එළිමේ ව්‍යාපෘතියක් අතරතුර ජලය සපයන ප්‍රධාන නල මාර්ගයට හානි සිදුව තිබුණි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් එම නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු අදාළ සමාගම මඟින් අලුත්වැඩියා කරමින් සිටින බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම ජලනලයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් කොටහේන ප්‍රදේශයේ අද උදෑසන රථ වාහන තදබදයක් ද හටගෙන තිබූ බව වාර්තා විය.

Related posts

විදෙස් ගමන් බලපත්‍රවල ඡායාරූප සඳහා පැනවූ නීතියට විරෝධය [VIDEO]

Mohamed Dilsad

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

Mohamed Dilsad

මධ්‍යම පළතේ සේවය කළ ගුරු සහායකවරු 240කට පත්වීමේ ලිපි

Mohamed Dilsad

Leave a Comment