ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි

(උදයම්,යාපනය)  –  ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාවද ඩෙංගු උවදුර මර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කරයි.

රටටම බලපා ඇති ඩෙංගු උවදුර පිළිබඳව උතුරේ ජනතාව පූරණ දැනුවත් කිරීම් කටයුතු උතුරු පලාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කටයුතු සිදු වන අතරම සෑම ප්‍රදේශයකම මංමාවත්, ඇල මාර්ග අවට හා කානු පද්දතීද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

උතුරු පලාතේ වැඩිම ඩෙංගු අවධානමක් ඇති වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධනය කිරීම සඳහාද බලධාරීන් විසින් විවිධ වූ වැඩසටහන් දියත් කොට ඇති අතර ඒ සඳහා වව්නියාව පොලීසියේද සහය ලැබී ඇත.

වව්නියාව මූලස්ථාන පොලීසය හා වැසියන් පිරිසක් එක්ව වව්නියාව නගරයේ ඇතු කානු පද්දති පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණි.

Related posts

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

Mohamed Dilsad

අගමැති රනිල් සහ ඇමති සජිත් අතර අදත් සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment