ප්‍රමුඛ පුවත 1

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

(උදයම්,කොළඹ)  – සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී.බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු ලබන 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී අමාත්‍ය ආචාර්ය වී.බාලක්‍රිෂ්ණන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පසුව ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද නියමිත බව වාර්තාවේ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

Related posts

ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්දින වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment