ප්‍රමුඛ පුවත 1

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ සිදු වූ පිපිරීමකින් ළමුන් පිරිසක් රෝහලේ

(උදයම්,මුලතිව්)   –  මුලතිව් කෝකිලායි සිංහල පාසලේ සිදු වූ පිපිරීමකින් ළමුන් පිරිසක් රෝහල් ගත කෙරේ.

අද පෙරවරුවේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන්  8 දෙනකු මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් හය දෙනෙකු මේ අතර වෙයි.

පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇත.

එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයට පත්ව තිබේ.

කිසියම් පුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තාවේ.

Related posts

දේශපාලන පලිගැනීම් සඳහා මුහුණදීමට තමන් සුදානම් [VIDEO]

Mohamed Dilsad

අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment