ක්‍රීඩා

ඉන්දු ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්

(UTV|ඉන්දියාව)  – ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 75 ක් රැස් කර ගෙන සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළේය.

තරගය අද අවසන් දිනය සඳහා තරඟය ආරම්භ කරන විට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 171කි.

ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 352 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

අනතුරුව ලකුණු 231 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 12 කට දවා ගැනීමට උමේෂ් යාදෙව් සමත් විය.

 

නායක චන්දිමාල් ලකුණු 20 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණූ 27ක් ලබා ගත්තේය.

Related posts

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර තරඟ අරඹයි

Mohamed Dilsad

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ෂහීඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment