ප්‍රමුඛ පුවත 1

විකල්ප ළමා රැකවරණ ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක්

(UTV|කොළඹ) – ළමයින් ළමා නිවාස ගත නොකොට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලාගැනීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව තිබෙන බවත් ළමා නිවාස සංකල්පය, යටත් විජිත සමය තුළ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නද එය වර්තමානය වන විට බ්‍රිතාන්‍යයේ වත් ක්‍රියාත්මක නොවන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

නව සංකල්පය යටතේ සිදු වන්නේ ළමා නිවාසවලින් බැහැරව විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැකබලාගැනීමේ ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමයි. ළමා නිවාස ගතව සිටින දරුවන්ට පවුලක් තුළ ජීවත්වීමට අවස්ථාව ලබාදීම මෙහිදී සිදු කෙරේ. මෙම සියලු කටයුතු වගකිව යුතු රජයේ නිලධාරීන් විසින් නියාමනය කරනු ලැබේ.
මේ පිළිබඳ විශේෂ ජාත්‍යන්තර සමුළුවක් පසුගිය දා මොල්ටා රාජ්‍යයේදී පවත්වන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා සහභාගී වී ඇත.
මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෝල්ටා රාජ්‍යයේ ජනාධිපතිවරිය සහභාගිව ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා ළමුන් නිවාස ගත කිරීම කෙරෙහි දුප්පත්කම, සංක්‍රාණ්තික බව, විකල්ප රැකවරණයක් නොමැති බව, සමාජ ආරක්ෂාවක් නොමැති බව යන කාරණා බලපාන බවයි. ළමයින්ට සියළුම මානව අයිතිවාසිකම් හිමිවියුතු බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත.
මෙම සමුළුවට සහභාගී වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය නව ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළද නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බවත් මෙම ව්‍යාපෘතිය සඳහා උපදෙස් ලබාදීම ආසියානු විකල්ප ළමා රැකවරණ විශේෂඥ ඉන්දීය ජාතික ඉයන් ආනන්ද් පෝබර් මහතා විසින් සිදුකරනු ලබන බවත් ප්‍රකාශ කොට ඇත.

Related posts

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලිම යලි කල් යයි

Mohamed Dilsad

නිකිණි පුන් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment