ප්‍රමුඛ පුවත 1

ප්‍රභාකරන් වෙනුවෙන් සැමරුම් පැවැත්වූ අය ගැන සොයන්න විමර්ශනයක්

(UTV|කොළඹ) – වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී එම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභයට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් සුබ පැතුම් [VIDEO]

Mohamed Dilsad

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment