ප්‍රමුඛ පුවත 1

ජනපතිට ඉන්චොන් ගුවන්තොටුපලේදී ඉහළ පිළිගැනීමක් (ඡායාරූප)

(UTV|දකුණු කොරියාව)  – දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ විශේෂ ආරධනය පරිදි තෙදින රාජ්‍ය සංචාරයක් සදහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු දුත පිරිස අද (28) අලූයම සෝල් නුවර (ඉන්චොන්) Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වූහ.

එහිදී ජනාධිපතිතුමා ඉතා උත්කර්ෂවන් අන්දමින් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබු අතර එරට උප විදේශ අමාත්‍ය Cho Hyun, ජාතික ආරක්ෂාව පිළිබද ප‍්‍රධානී Chung Eyi – youn යන මහත්වරුන් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.

අන් අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා සෝල් නුවර හෝටලයේදී ද ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කර තිබුණි.

ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරට අතර පවත්නා සබදතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි අරමුණයි.

ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ඉතා ඉහළ සබදතාවක් පවත්නා මෙම අවස්ථාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය ඉතා සුවිශේෂී බව දකුණු කොරියානු පුවත්පත් විසින් ද අද වාර්තා කර තිබූ අතර, දකුණු කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී වාතාවරණය තුළ ශ‍්‍රී ලංකාව විසින් ලබාදුන් සහය පිළිබදව ද එහිදී කෘතවේදීත්වය පළකර තිබුණි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව හෙට (29) දින සිදුවන අතර එහිදි දෙරට අතර සහයෝගීතාවය ඉහල නැංවෙන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-5.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

මදුෂ්ගේ තීන්දුව යලි කල් යයි.

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment