ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ගැනීමට සුදානම්

(UTV|කොළඹ) – සියලු පාසල් සිසුන්ට ඇඟිලි සළකුණු මඟින් තහවුරු කරගත හැකි ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කේතයක් සමඟ අංකයක් හඳුන්වාදීමට සුදානම් වෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලේ මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ලැබී ඇති බවය.
විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් විධිමත් කිරීම හා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද විද්වත් කමිටුවක් මඟින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
රජයේ පාසල්වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කර ගැනීම, විභාග කටයුතුවලදී අපේක්ෂකයින්ගේත් නිලධාරීන්ගේත් පහසුව සඳහා මෙම විශේෂ ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතය.
ඒ අනුව පාසල්වලට ඇතුළත් වන සැම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් සහ ඇඟිලි සලකුණු මඟින් අනන්‍යතාව තහවුරු කර ගැනීම හරහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කේතයක් නිර්මාණය කිරීමටද යෝජනා කර තිබේ.
ඒ හරහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන්වලදී සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවන අතර විභාග වංචාවන් අවම කර ගැනීමටද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

Mohamed Dilsad

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment