කලා

Capital FM නාලිකාව අද සිට අළුත් මුහුණුවරකින්

(UTV|කොළඹ) –  ශ්‍රී ලාංකේය ගුවන්විදුලි අතරට එක්වන නව දමිළ ගුවන්විදුලි නාලීකාව වන Capital FM නාලිකාවේ නිල සමාරම්භක උත්සවය කොළඹ ගලධාරී හෝටලයේදී අද (01)  පස්වරුවේ පැවැත්වේ.

මෙම අවස්ථාවට ඉන්දීය දමිළ නළු නිළියන්ද රැසක් සහභාගී වීමට නියමිතය.

Trymas Media Network සහ Liverpool Holding සමාගම සතු Capital FM නාලීකාව මේ වනවිට 94 MHz-කොළඹ ,94 MHz-මහනුවර(හන්තාන ) ,94 MHz-උතුරු මැද(ගම්මඩුව) ,103.1 MHz- යාපනය ආවරණය කරයි.

එසේම ඉදිරියේදී,ගොන්ගල ඔස්සේ දකුණ ,මඩොල්සිම ඔස්සේ බදුල්ල ,මිනුවන්ගල ඔස්සේ රත්නපුර ,සින්ගල් ට්‍රී ඔස්සේ නුවරඑළිය ,කිළිනොච්චිය සහ ත්‍රිකුණාමලය ද ආවරණය පිණිස මෙම ගුවන්විදුලියට සංඛ්‍යාත ලැබී තිබේ.

www.capitalfm.lk ඔස්සේ ද ලොව පුරා සවන්දිය හැක.

01128227880 capital FM දුරකථන අංකයයි.

අංක 142/21,දේවීකා උද්‍යානය,විජය කුමාරතුංග මාවත,කොළඹ 05 ලිපිනයේ සිට ගුවන්විදුලිය විකාශය කරයි.

මෙම ගුවන්විදුලි නාලීකාවේ නාලීකා ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ෂියා උල් හසන් මහතාය.

இது நம்ம ரேடியாே Capital FM තේමාවයි.

මේ පිළිබඳව වැඩි විස්තර FM & TV Srilanka ඔස්සේ ඔබට ලබාගත හැක.

පිවිසෙන්න
https://www.facebook.com/fmtvsrilanka/

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

විනු සිරිවර්ධන යුග දිවියට[PHOTOS]

Mohamed Dilsad

Kaithi 02 නැරඹීමට සූදානම්ද?

Mohamed Dilsad

Leave a Comment