ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

(UTV|කොළඹ)  – රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, මොනරාගල, කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවල පවතින නායයෑමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ වැලිගොපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ මෙන් ම කොලොන්න, අයගම, බළංගොඩ, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ වල නාය යෑමේ අවධානම පවතී.
ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ, බද්දේගම, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගෝඨාගේ පැමිණීමෙන් දැඩි පාලනයක් – ජයම්පති [VIDEO]

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment