ප්‍රමුඛ පුවත 1

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි

(UTV|කොළඹ)  –  1981 අංක 04 දරණ කොන්සියුලර් කටයුතු පනත යටතේ  විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදුත) අංශය මගින් අයකරනු ලබන ගාස්තු  2018 ජනවාරි මස 01 වැනි  දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත.
ඒ අනුව  සංශෝධිත කොන්සියුලර් ගාස්තු  පහත පරිදි වේ.
a)විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සඳහා රු.500.00
b)විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද  ඕනෑම සහතිකයක්  සඳහා රු.1500.00
c)අපනයන කටයුතු ඉටු කිරීම සඳහා නිකුත් කරන ලද  ඕනෑම ලේඛනයක් සඳහා රු.6000.00
d)වෙනත් ඕනෑම ලේඛනයක් සඳහා රු. 800.00
ගාස්තු සංශෝධනයට  අදාළ ගැසට් නිවේදනයට පහත සබැඳියෙන් පිවිසිය හැකිය. http://www.documents.gov.lk./files/egz/2017/11/2044-39_S.pdf  අවසන් වරට කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරනු ලැබුවේ 2007 ජූලි මාසයේදීය.
මහජනතාව වෙත ඉතා කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස කොන්සියුලර් සේවාවන් සැපයීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගන්නා බවද  විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.
http://www.mfa.gov.lk/index.php/en/consular-services/authentication-of-documents- යන අන්තර්ජාල සබැඳිය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
කොන්සියුලර් අංශය මඟින් සපයන සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර කොන්සියුලර් කටයුතු අංශය, දෙවන මහල, සෙලින්කෝ ගොඩනැඟිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 – යන ලිපිනයෙන් හෝ දුරකතන අංක: 0112338812 ( සඳුදා සිට සිකුරාදා – පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා) ෆැක්ස් අංක: 0112473899  හෝ consular@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනය ඹස්සේ හෝ ලබාගත හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු

Mohamed Dilsad

අරුවක්කාරු දක්වා කසළ ප්‍රවාහනය කළ ටිපර් රථවලට ප්‍රහාරදුන් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

Mohamed Dilsad

Leave a Comment